Wednesday, March 11, 2026
Homeසියලුම පුවත්ඉන්ඩිගෝ ගුවන්සේවාවේ ප්‍රධානියා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉන්ඩිගෝ ගුවන්සේවාවේ ප්‍රධානියා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉන්දියාවේ විශාලතම ගුවන් සේවාවක් වන IndiGo Airlines හි ප්‍රධාන විධායක නිලධාරීවරයා හදිසියේම ධුරයෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.
පසුගිය දෙසැම්බර් මාසයේදී සමාගම මුහුණ දුන් දැවැන්ත අර්බුදය මෙයට ප්‍රධාන හේතුවක් බවයි වාර්තා වන්නේ. නියමිත පරිදි ගුවන් නියමුවන් කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වීම නිසා, පසුගිය දෙසැම්බර් මාසයේදී ගුවන් ගමන් 4,500ක් අවලංගු කිරීමට සමාගමට සිදු වී තිබේ. මෙය IndiGo Airlines ඉතිහාසයේ දරුණුතම අර්බුදයක් ලෙස සැලකේ.
මෙම අත්වැරැද්ද සහ නිසි කළමනාකාරිත්වයක් නොමැති වීම හේතුවෙන් Indian Civil Aviation Authority විසින් IndiGo Airlines සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 2.45ක දඩයක් පැනවීය.
තවද, ගුවන් ගමන් අවලංගු වීම සහ මැදපෙරදිග පවතින යුද්ධ තත්ත්වය හේතුවෙන් ගුවන් කලාප වසා දැමීම නිසා IndiGo Airlines කොටස් අගය මේ වසරේ 13.5%කින් පහත වැටී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments