වත්තල මාබෝල, දූවවත්ත ප්‍රදේශයේ පිහිටි ඉටි රෙදි කර්මාන්ත ශාලාවක අද (06) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය විසින් ගිනි නිවීමේ රථ 3ක් සහ නිලධාරීන් 13 දෙනෙකු යොමු කර ඇත.
මේ වන විට ගින්න පාලනය කර ඇති බව ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේය.
වත්තල ඉටි රෙදි කර්මාන්ත ශාලාවක ගින්නක්

