Tuesday, April 21, 2026
Homeසියලුම පුවත්ව්‍යාජ බැංකු වෙබ් අඩවියක් මගින් ලක්ෂ 10කට අධික වංචාවක් – සැකකරුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ බැංකු වෙබ් අඩවියක් මගින් ලක්ෂ 10කට අධික වංචාවක් – සැකකරුවෙකු අත්අඩංගුවට

පුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර රුපියල් 1,000,024ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඊයේ (20) සැකකරු අත්අඩංගුවට ගෙන වාරියපොල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 22ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (21) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments