කිලෝග්‍රෑම් 1කට අධික “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපළ රේගු නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුව සිදු කර ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන ඉන්දීය ජාතිකයෙකු බවද අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සිදුකරමින් පවතින බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
කටුනායකදී කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

