Homeසියලුම පුවත්අදත් පස්වරු වෙද්දී තද වැසි අපේක්ෂා කෙරේ

අදත් පස්වරු වෙද්දී තද වැසි අපේක්ෂා කෙරේ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් (30) පස්වරු 1.00ට පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව, මධ්‍යම හා උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද පවසයි.
දකුණු පළාත සහ කළුතර දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකි අතර, කිහිප ප්‍රදේශවල අලුයම් කාලයේ මීදුම් තත්ත්වයද පවතින බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජනතාවට උපදෙස් ලබාදී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments