මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ සැකකටයුතු මරණය, ඔහු විසින් සිදුකරගත් තුවාල මත සිදුවූ සියදිවි නසාගැනීමක් බව අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුව තහවුරු කර ඇත.
මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ රංග රාජපක්ෂ මහතා, ඊයේ (30) සිය ගෙවත්තේදී මියගොස් තිබූ අතර, ඔහුගේ අතක සහ පාදයක කැපුම් තුවාල කිහිපයක්ද හමු වී තිබුණි.
මෙම සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී අද (01) පස්වරුවේ සිදුකර ඇති අතර, ඒ සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සිව්දෙනෙකුගෙන් යුතු මණ්ඩලයක් පත්කර තිබුණි.
එම වාර්තාව අනුව, මෙම මරණය තුවාල හේතුවෙන් සිදුවූ සියදිවි නසාගැනීමක් බව නිල වශයෙන් තහවුරු කර ඇති බව වාර්තා වෙයි.
අබිරහස් මරණය පිළිබඳ නව හෙළිදරව්ව

