Homeඋනුසුම් පුවත්ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය

ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය

2026 අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකා රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.9%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව අනුව, 2026 පෙබරවාරි අවසානයේ ආරම්භ වූ මැද පෙරදිග ගැටුම් හේතුවෙන් බාහිර අංශයේ ඇති වූ පීඩනයන් රුපියලේ අගය පහළ යාමට බලපා ඇත.
අද (01) නිකුත් කළ නිල දෛනික විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315.87ක් ලෙසත්, විකුණුම් මිල රු. 323.80ක් ලෙසත් සටහන් වී තිබේ. නිරූපිත විනිමය අනුපාතිකය රු. 319.34ක් ලෙසද වාර්තා වේ.
එමෙන්ම, 2026 මාර්තු මාසය අවසානය වන විට චීන මහජන බැංකුව සමඟ ඇති විනිමය හුවමාරු පහසුකම ඇතුළුව ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.0ක් ලෙස පැවති බවද මහ බැංකුව සඳහන් කරයි.
කෙසේ වෙතත්, විදේශ විනිමය මිලදී ගැනීම් සිදු කළද, විදේශ ණය සේවා ගෙවීම් හේතුවෙන් එම කාලය තුළ සංචිතයේ අගය පහළ යාමක් දක්නට ලැබී ඇති බව වැඩිදුරටත් පැවසේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments