මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද (01) දිනයේ සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
එහි ප්‍රකාශකයෙකු පවසන්නේ ඉදිරි දිනකදී මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය සිදු කරනු ලැබුවේ පසුගිය මාර්තු 21 වන දින වන අතර එම අවස්ථාවේදී පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ දැමුණි.
මැයි මාසයේ ඉන්ධන මිල සංශෝධනය අද සිදු නොවේ

