Homeසියලුම පුවත්මාරාන්තික ‘හන්ටා’ වෛරසය පිළිබඳ නව තත්ත්වයක්

මාරාන්තික ‘හන්ටා’ වෛරසය පිළිබඳ නව තත්ත්වයක්

මාරාන්තික ‘හන්ටා’ වෛරසය ව්‍යාප්ත වූ විනෝද චාරිකා නෞකාවක ගමන් කළ පසුව සිය රටවල් බලා ගිය අමෙරිකානු සහ ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙකුට වෛරසය වැළඳී ඇති බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබේ.
මෙම නෞකාවේ සිටි මගීන් 90කට අධික පිරිසක් මේ වන විට විවිධ රටවල් වෙත යොමු කර ඇති අතර, මීට පෙර මගීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වෙයි.
සාමාන්‍යයෙන් මීයන් වැනි සතුන්ගෙන් ව්‍යාප්ත වන මෙම වෛරසය ඇතැම් අවස්ථාවල මිනිසාගෙන් මිනිසාටද බෝ විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
කෙසේවෙතත්, අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙය කොවිඩ් වෛරසය මෙන් වේගයෙන් ව්‍යාප්ත නොවන අතර මහජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි

RELATED ARTICLES

Most Popular

Recent Comments