Homeසියලුම පුවත්හෝමාගමදී ළිඳකින් පුද්ගල මළසිරුරක් හමුවෙයි

හෝමාගමදී ළිඳකින් පුද්ගල මළසිරුරක් හමුවෙයි

හෝමාගම පොලිස් වසමේ පිටිපන දකුණ ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ පිහිටි ළිඳක් තුළ තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.
ඊයේ (15) උදෑසන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම මළසිරුර සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වන ශ්‍රී ලංකා යුද හමුදාව සෙබළෙකු බව සඳහන් වේ.
මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෘතශරීරය ඥාතීන් වෙත භාරදී ඇති අතර, හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments