Homeසියලුම පුවත්ගිනිඅවි සහ වනජීවී කොටස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ගිනිඅවි සහ වනජීවී කොටස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනාතවිල්ලුව උප කාර්යාලයේ නිලධාරීන් විසින් දිවි හමක්, ගිනිඅවි සහ පතරොම් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (17) අලුයම වනාතවිල්ලුව කාටුපුලියන්කුලම ප්‍රදේශයේ නිවසක් වටලා සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුව සිදුකර ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී දිවි හමක්, බලපත්‍ර රහිත බෝර 12 ගිනිඅවි දෙකක්, ජීව පතරොම් කිහිපයක් සහ හිස් පතරොම් කොපු කිහිපයක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

RELATED ARTICLES

Most Popular

Recent Comments