Homeසියලුම පුවත්ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමට පනත් කෙටුම්පතක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමට පනත් කෙටුම්පතක්

ශ්‍රී ලංකා රජය විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් අනුව සකස් කළ මෙම පනත් කෙටුම්පත මැයි 15 වනදා රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙයි.
2009 අංක 35 දරණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත අහෝසි කිරීම සහ ඒ හා සම්බන්ධ කරුණු නියාමනය කිරීම සඳහා මෙම නව පනත් කෙටුම්පත සකස් කර තිබේ.
මෙම පනත ක්‍රියාත්මක වූ පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය අවසන් වන අතර, එම තනතුර දරන නිලධාරියා නැවත තම අදාළ සන්නද්ධ සේවයට අනුයුක්ත කිරීම සිදුකරනු ඇත.
එමෙන්ම, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු දේපළ ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැවරීමට ද මෙම පනත් කෙටුම්පතෙන් විධිවිධාන සලසා ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments