හනීෆ් යූසුෆ් මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දී තිබේ.
ලිපියක් මගින් ඔහු සඳහන් කර ඇත්තේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පවතින වගකීම්, විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතවරයා ලෙස පැවරී ඇති රාජකාරි සහ පවුල් වගකීම් සමබරව පවත්වාගෙන යාමේදී ඇතිවූ අභියෝග හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව, සිය ධුරයෙන් ඉවත්වීමට ඔහු ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි
බස්නාහිර ආණ්ඩුකාරවරයා ධුරයෙන් ඉවත්වීමට සූදානම්

