Homeසියලුම පුවත්වික්ටෝරියා ජලාශයේ අතුරුදන් තරුණයාගේ සිරුර හමුවෙයි

වික්ටෝරියා ජලාශයේ අතුරුදන් තරුණයාගේ සිරුර හමුවෙයි

වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ සමඟ මෙම අනතුරෙන් මියගිය තරුණයන් සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ, තෙල්දෙණිය බඹරගල පන්සල අසළ ප්‍රදේශයේ තරුණයන් සිව්දෙනෙකු දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
එහිදී එක් තරුණයෙකු දිවි බේරාගෙන ඇති අතර, අනෙක් තිදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පිරිස වයස අවුරුදු 18ත් 21ත් අතර මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද වාර්තා වෙයි

RELATED ARTICLES

Most Popular

Recent Comments