Homeසියලුම පුවත්UAE න්‍යෂ්ටික බලාගාරයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

UAE න්‍යෂ්ටික බලාගාරයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි Barakah Nuclear Power Plant වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අබුඩාබි බලධාරීන් පවසන්නේ ඩ්‍රෝන යානය බලාගාරයේ ආරක්ෂක කලාපයට පිටත පිහිටි විදුලි ජනක උපකරණයක ගැටී ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් බලාගාරයේ මෙහෙයුම් කටයුතු හෝ විකිරණ ආරක්ෂාවට කිසිදු බලපෑමක් සිදුව නොමැති අතර, කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවද සඳහන් වෙයි.
මේ අතර International Atomic Energy Agency (IAEA) ප්‍රකාශ කර ඇත්තේ, තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.
මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති බවද වාර්තා වේ

RELATED ARTICLES

Most Popular

Recent Comments