ශ්රී ලංකා පොලීසිය පවසන්නේ, අම්පාර ප්රදේශයේ නීතිවිරෝධී මත්පැන් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර වෙඩි තැබීමක් සිදුව ඇති බවයි.
ඊයේ (17) රාත්රියේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමකදී සැකකරු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්රහාරාත්මක ලෙස හැසිරී ඇති බව වාර්තා වෙයි.
පසුව අත්අඩංගුවට ගෙන රෝහල්ගත කළ සැකකරු රෝහලින් පලා යාමට උත්සාහ කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ කිරීමේදී ඇතිවූ තත්ත්වය මත සැකකරුට වෙඩි වැදී ඇති බව පොලීසිය සඳහන් කරයි.
තුවාල ලැබූ සැකකරු සහ පොලිස් නිලධාරියෙකු ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
පොලිසිය සමඟ ගැටුමේදී මත්පැන් ජාවාරම්කරුවෙකුට වෙඩි

