Homeසියලුම පුවත්පාළු නිවසකින් පුද්ගල මළසිරුරක් හමුවෙයි

පාළු නිවසකින් පුද්ගල මළසිරුරක් හමුවෙයි

කොළොන්න රෝහල් පාරේ පිහිටි පාළු නිවසක් තුළ සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සම්බන්ධයෙන් කොළොන්න පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මියගොස් ඇත්තේ 47 හැවිරිදි කොළොන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.
මෘත ශරීරයේ හිස ආසන්නයේ රුධිර පැල්ලම් නිරීක්ෂණය වී ඇති අතර, පාදයේ කැපුම් තුවාලයක් බවට සැක කෙරෙන තුවාලයක්ද තිබූ බව වාර්තා වෙයි.
පොලීසිය පවසන්නේ මරණකරු සිය බිරිඳගෙන් වෙන්ව තනිව ජීවත්ව ඇති අතර, මැයි 18 වනදා සවස සිය සහෝදරියගේ නිවසේ සිට මෙම පාළු නිවස වෙත පැමිණ ඇති බවයි.
ඔහු බොහෝ අවස්ථාවලදී එම නිවසේ රැඳී සිට ඇති බවද මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම මරණය සැකකටයුතු බැවින් කොළොන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments