Homeසියලුම පුවත්රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් පවතින බවට දිලිත්ගෙන් චෝදනා

රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් පවතින බවට දිලිත්ගෙන් චෝදනා

සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසන්නේ, රටේ ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්වූ කාලයටත් වඩා වේගයෙන් මේ වනවිට රුපියල අවප්‍රමාණය වෙමින් පවතින බවයි.
අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ආණ්ඩුව ආනයන හා අපනයන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ නිසි ආර්ථික දර්ශනයක් මත නොව බාහිර උපදෙස් මත බවයි.
ඩොලරය ඉහළ යාම සම්බන්ධයෙන් කලින්ම අනතුරු ඇඟවූ බවද පැවසූ දිලිත් ජයවීර මහතා, වාහන ආනයනය සඳහා ඩොලර් වැය කළද බදු අය කළේ රුපියල්වලින් බැවින් විදේශ විනිමය පිටතට ගොස් ඇති බව පෙන්වා දුන්නේය.
එමෙන්ම, කර්මාන්තශාලා විශාල අර්බුදයකට මුහුණ දී සිටින බවත්, වහාම ආර්ථික තීන්දු තීරණ වෙනස් නොකළහොත් ජනතාවට දැඩි බලපෑම් එල්ල විය හැකි බවත් ඔහු අවධාරණය කළේය

RELATED ARTICLES

Most Popular

Recent Comments