ලාඕසයේ අඩි 1000කට ආසන්න ගැඹුරු ගුහාවක දින 10කට ආසන්න කාලයක් සිරවී සිටි පිරිසෙන් එක් අයෙකු බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් සමත්ව තිබේ.
රත්රං සෙවීම සඳහා ගුහාවට ඇතුළු වූ පුද්ගලයින් 7 දෙනෙකු අතරින් තවත් සිව්දෙනෙකු ජීවතුන් අතර සිටින බව වාර්තා වන අතර දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි සඳහන් වේ.
තායිලන්තයේ ප්රවීණ ගුහා මුදාගැනීමේ කණ්ඩායම් ද එක්ව සිටින අතර, ගුහාව තුළ රැඳී ඇති ජලය ඉවත් කරමින් මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මකයි.
ලාඕසයේ ගැඹුරු ගුහාවේ සිරවූවන්ගෙන් එක් අයෙකු බේරාගනී

