Homeසියලුම පුවත්ජල ගාස්තුවේ සුළු ඉහළ යාමක් ගැන ඇමතිගෙන් ඉඟියක්

ජල ගාස්තුවේ සුළු ඉහළ යාමක් ගැන ඇමතිගෙන් ඉඟියක්

ජල ගාස්තු ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ නැංවීමට සිදුවනු ඇති බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
කොළඹදී අද (02) පැවති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෑතකදී ඉහළ දැමූ විදුලි ගාස්තුවේ බලපෑම ජල ගාස්තු සංශෝධනයට ද හේතු වන බවයි.
ඔහු පෙන්වා දුන්නේ ජල බිලෙන් ආවරණය වන විදුලි වියදම් ප්‍රමාණය සීමිත වන අතර, ඒ අනුව ඒකකයකට බලපාන ගාස්තු සංශෝධනය ඉතා සුළු මට්ටමකින් පමණක් සිදුවනු ඇති බවය.
කෙසේවෙතත්, ජල ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

RELATED ARTICLES

Most Popular

Recent Comments