කොළඹ පොදු සුසාන භූමියක සඟවා තිබූ මිනි ඌෂි වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක් ඇතුළු අවි ආයුධ කිහිපයක් සොයාගැනීමට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.
ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ “මහවත්තේ චාමර” නමැති සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත.
සොයාගත් භාණ්ඩ අතර මෙරටදී නිෂ්පාදනය කළ බවට සැලකෙන මිනි ඌෂි වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක්, විදේශීය නිෂ්පාදිත පිස්තෝලයක්, මැගසිනයක් සහ උණ්ඩ කිහිපයක් ද තිබූ බව පොලිසිය පවසයි.
මෙම මිනි ඌෂි වර්ගයේ ගිනිඅවිය මෙරටදී ප්‍රථම වරට සොයාගත් එකක් බවත්, මීට පෙර එවැනි ගිනිඅවියක් කිසිදු පොලිස් ඒකකයක් විසින් අත්අඩංගුවට ගෙන නොතිබූ බවත් අනාවරණ වී තිබේ.
එම ගිනිඅවිය ප්‍රතිවාදී පාර්ශ්ව බියවැද්දීම සඳහා භාවිත කර ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
සුසාන භූමියක සඟවා තිබූ ගිනිඅවි තොගයක් සොයාගනී

