Homeසියලුම පුවත්හැකර් ප්‍රහාරයෙන් අහිමි වූ ඩොලර් මිලියන 2.5 ගැන වාර්තාවක් හර්ෂගේ නිවසට

හැකර් ප්‍රහාරයෙන් අහිමි වූ ඩොලර් මිලියන 2.5 ගැන වාර්තාවක් හර්ෂගේ නිවසට

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයකට මාරු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඉල්ලා සිටි වාර්තාවක් තම පෞද්ගලික නිවසට එවා තිබූ බව එම කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා අනාවරණය කර තිබේ.
ඔහු සඳහන් කළේ, එම වාර්තාව භාරගැනීම ප්‍රතික්ෂේප කරමින් එය පාර්ලිමේන්තුව වෙත යොමු කරන ලෙස දැනුම් දුන් බවයි.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබූ මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාකච්ඡාව සඳහා වන අතර, පෞද්ගලික පරිශීලනය සඳහා නොවන බවද හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය.
එමෙන්ම, පාර්ලිමේන්තුවට හිමි මූල්‍ය අධීක්ෂණ බලතල ආරක්ෂා කළ යුතු බව පෙන්වා දුන් ඔහු, කාරක සභාවේ එකඟත්වය මත හෙට දිනයේ වාර්තාව නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ බවද සඳහන් කළේය.
වාර්තාව ලැබීමෙන් අනතුරුව එය සම්බන්ධයෙන් කාරක සභාවේදී සාකච්ඡා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments