මහර නගරයේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලෙවිසැලක අද (07) පෙරවරුවේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ හතරක් යොමු කර ඇති බව ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගින්න හේතුවෙන් කඩවත–නුවර මාර්ගයේ මහර හන්දියෙන් එක් මංතීරුවක් වසා දමා ඇති අතර, එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද ඇති වී තිබේ.
වෙළඳසැල සම්පූර්ණයෙන්ම ගිනිගැනීමෙන් විනාශ වී ඇති අතර, එමගින් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුවී නොමැති බවද වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මහර ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලෙවිසැලක ගින්නක්

