Homeසියලුම පුවත්ඉදිරියේදී කාලගුණයේ වෙනසක් – එල් නීනෝ තත්ත්වය වර්ධනය වෙයි

ඉදිරියේදී කාලගුණයේ වෙනසක් – එල් නීනෝ තත්ත්වය වර්ධනය වෙයි

ලොව පුරා උෂ්ණත්වය ඉහළ යාමටත් දරුණු කාලගුණික තත්ත්වයන්ටත් බලපාන එල් නීනෝ තත්ත්වය මේ වන විට වර්ධනය වීමට ආරම්භ වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කරන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් නිරිතදිග ප්‍රදේශවල වර්ෂාපතනය අඩුවීමක් සිදුවන බවය.
එමෙන්ම, ඉදිරියේ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ වැසි තත්ත්වය තවදුරටත් අඩුවිය හැකි බවද ඔහු පෙන්වා දී ඇත.
ජනතාවට ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත්, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments