Homeසියලුම පුවත්අතුරුදන් වූ 6 හැවිරිදි දරුවාගේ සිරුර ළිඳකින් හමුවෙයි

අතුරුදන් වූ 6 හැවිරිදි දරුවාගේ සිරුර ළිඳකින් හමුවෙයි

පේදුරුතුඩුව පොලිස් වසමේ පුලෝලි දකුණ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි පිරිමි දරුවෙකුගේ මළ සිරුර නිවස ආසන්නයේ පිහිටි ළිඳක තිබී සොයාගෙන තිබේ.
ඊයේ (12) රාත්‍රියේ දරුවා අතුරුදන් වී ඇති බවට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී දරුවාගේ සිරුර සොයාගෙන ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 6ක් වන පිරිමි දරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments