දැරණියගල නූරිපාරේ නිවසක් වැටලීමට ගිය අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් පිරිසක් සහ තරුණයින් පිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් නව තොරතුරු හෙළිවී තිබෙනවා.
නිර්නාමික පැමිණිල්ලකට අනුව මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකළ අවස්ථාවේ තරුණයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඇතිවූ උණුසුම් තත්ත්වයේදී පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
සැකකරුවන් ද රෝහල්ගතව පොලිස් භාරයේ පසුවන අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
දැරණියගල ගැටුම ගැන පොලිසියෙන් නව තොරතුරු රැසක්

