ඉන්ධන නිකුත් කිරීමේදී භාවිත වන QR කේත ක්‍රමය ඉවත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
‘අද දෙරණ’ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය වේගයට සාපේක්ෂව එම මිල පහළ යාමක් මෙතෙක් සිදුව නොමැති බවයි.
මේ අතර, දැනට ඉන්ධන මිලදී ගැනීම සඳහා කිසිදු සීමාවක් හෝ බාධාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්ධන QR ක්‍රමය ඉවත් කිරීම ගැන තවදුරටත් සලකා

