Homeසියලුම පුවත්අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (23) සවස් කාලයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකද පස්වරු 2න් පසුව වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.
එමෙන්ම මධ්‍යම කඳුකර බටහිර බෑවුම් ඇතුළු ප්‍රදේශ කිහිපයක තරමක තද සුළං ඇතිවිය හැකි බවද දැනුම් දී ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තද සුළංවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments