Homeසියලුම පුවත්VAT සහ SSCL පිරිවැටුම් සීමාවේ වෙනසක් නැහැ

VAT සහ SSCL පිරිවැටුම් සීමාවේ වෙනසක් නැහැ

එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ අයවැය යෝජනාව ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක නොකරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ අනුව, VAT සහ SSCL සඳහා දැනට ක්‍රියාත්මක වන රුපියල් මිලියන 60ක වාර්ෂික පිරිවැටුම් සීමාව තවදුරටත් බලපැවැත්වෙන බවද ඔහු සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments