පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 18,129ක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, ඊයේ (27) පස්වරුව වන විට මෙම දන්සැල් සංඛ්‍යාව ලියාපදිංචි වී තිබූ බවයි.
හෙට (29) සහ අනිද්දා (30) පැවැත්වෙන දන්සැල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පරීක්ෂා කිරීමට නියමිත අතර, පොසොන් කලාප ආශ්රිත වෙළෙඳසැල් සහ තාවකාලික වෙළෙඳසැල්ද සතිය පුරා පරීක්ෂාවට ලක් කෙරේ.
මේ අතර, අනුරාධපුර පූජා භූමිය අවට දන්සැල් 200කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති අතර, සංවිධායකයින්ට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ද මේ වන විට ලබාදී ඇති බවද වාර්තා වෙයි.
පොසොන් වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 18,129ක් ලියාපදිංචි වෙයි

