Homeසියලුම පුවත්ඩෙංගු මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට

ඩෙංගු මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව, මේ වසරේ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ.
ජුනි 25 සහ 26 දිනවල දත්ත පදනම් කරගනිමින් නිකුත් කළ වාර්තාවට අනුව, මේ දක්වා ඩෙංගු රෝගීන් 51,049ක් හඳුනාගෙන ඇති අතර, ජුනි මාසයේ පමණක් රෝගීන් 17,208ක් වාර්තා වී ඇත.
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලින් වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර, අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව 124ක් බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments