Homeසියලුම පුවත්තද සුළං සහ රළු මුහුද ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (28) පෙරවරු 11.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (29) පෙරවරු දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා බලපැවැත්වෙයි.
ඒ අනුව, කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව දැනුම් දී ඇත.
එමෙන්ම හලාවත සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 3ත් අතර උසකට ඉහළ යා හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments