Homeසියලුම පුවත්ජාතික පොසොන් උත්සවයට අනුරාධපුරය සූදානම්

ජාතික පොසොන් උත්සවයට අනුරාධපුරය සූදානම්

ජාතික පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර තිබේ.
උත්සවයේ ආරක්ෂාව සඳහා නිල ඇඳුමෙන් යුත් පොලිස් නිලධාරීන් 3,180 දෙනෙකු ඇතුළුව 3,500කට අධික පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදවීමට නියමිත බව උතුරු මැද පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ. ධනපාල මහතා සඳහන් කළේය.
අද (28) රාත්‍රී පැවැත්වෙන ඓතිහාසික මිහිඳු පෙරහැර හේතුවෙන් අනුරාධපුර නගරය කේන්ද්‍ර කර විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කෙරේ.
මේ අතර, පොසොන් වෙනුවෙන් ප්‍රදේශයේ දන්සැල් රැසක් සංවිධානය කර ඇති අතර, වාහන ගමනාගමනයට සහ බැතිමතුන්ට බාධාවක් නොවන අයුරින් ඒවා පවත්වාගෙන යන ලෙස පොලිසිය සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments