තහනම් පිරමීඩ යෝජනා ක්රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්රී ලංකා මහ බැංකුව නව නිවේදනයක් නිකුත් කර තිබේ.
1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව Infinity Rover (Pvt) Ltd සමාගම තහනම් පිරමීඩ යෝජනා ක්රමයක් පවත්වාගෙන යාම සහ ප්රවර්ධනය කිරීම සිදුකර ඇති බවට තහවුරු වී ඇති බව මහ බැංකුව සඳහන් කළේය.
ඒ අනුව, එම සමාගමද ඇතුළුව තහනම් පිරමීඩ යෝජනා ක්රම පවත්වාගෙන ගිය බවට හඳුනාගත් සමාගම් සහ යෙදවුම් (Apps) 25ක නාම ලේඛනයක් මහ බැංකුව විසින් ප්රකාශයට පත් කර තිබේ.
එම ලැයිස්තුවට Tiens Lanka Health Care, Best Life International, Mark-Wo International, VML International, Global Lifestyle Lanka, Fast3Cycle International, Sport Chain App, OnmaxDT, MTFE App, Fastwin, Fruugo Online, Qnet, Era Miracle, Ledger Block, Beecoin App, Windex Trading, The Enrich Life, Smart Win Entrepreneur, Net Fore International, Pro Care, SGO, I.C.A.N Advertising සහ Infinity Rover ඇතුළු ආයතන සහ යෙදවුම් ඇතුළත් වන බව මහ බැංකුව වැඩිදුරටත් දැනුම් දෙයි.
තහනම් පිරමීඩ සමාගම් ගැන මහ බැංකුවෙන් නව දැනුම්දීමක්

