Homeසියලුම පුවත්බසයක් හා ත්‍රිරෝද රථයක් ගැටී මිත්තණියක් සහ දරුවෙක් මරුට

බසයක් හා ත්‍රිරෝද රථයක් ගැටී මිත්තණියක් සහ දරුවෙක් මරුට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පයාගල, කටුකුරුන්ද ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක් සහ 12 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පයාගල පොලිසිය පවසයි.
ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් රියදුරු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.
මියගොස් ඇත්තේ එකම පවුලේ සාමාජිකයින් වන 62 හැවිරිදි මිත්තණියක් සහ ඇයගේ 12 හැවිරිදි මුණුපුරාය. ඔවුන් පොසොන් සිරි නැරඹීමෙන් අනතුරුව නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
පොලිසිය සඳහන් කළේ, බස් රථය බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කළ අවස්ථාවේ ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථය පෙරළී බස් රථයේ ගැටී ඇති බවයි. ත්‍රිරෝද රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුවක් විය හැකි බවටද සැක පළ කර ඇත.
මේ අතර, අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයේ සිටි මගියෙකු බස් රියදුරුගේ බලපත්‍ර ඇතුළු ලියකියවිලි තිබූ බෑගය සොරකම් කර ඇති අතර, එම සිද්ධිය බස් රථයේ CCTV කැමරාවල සටහන්ව තිබූ බවද පොලිසිය සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments