Homeසියලුම පුවත්රුපියල අවප්‍රමාණ වීමෙන් විදෙස් ණය ගෙවීමට රුපියල් බිලියන 48ක අමතර බරක්

රුපියල අවප්‍රමාණ වීමෙන් විදෙස් ණය ගෙවීමට රුපියල් බිලියන 48ක අමතර බරක්

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පහළ යාම හේතුවෙන් 2025 වසරේ විදෙස් ණය ආපසු ගෙවීම සඳහා රුපියල් බිලියන 48ක අමතර වියදමක් දැරීමට සිදුව ඇති බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ අනාවරණය වී තිබේ.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම තොරතුරු හෙළි වූ අතර, රුපියලේ අවප්‍රමාණය වීම හේතුවෙන් විදෙස් ණය ගෙවීමට අමතරව කොපමණ මුදලක් වැයවූයේදැයි කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් උදේනී තිලකරන මහතා සඳහන් කළේ, විනිමය අනුපාතිකයේ වෙනස හේතුවෙන් පමණක් රුපියල් බිලියන 48ක අමතර මුදලක් 2025 වසරේදී වැයවී ඇති බවයි.
මේ අතර, 2025 වසරේ විදෙස් ණය ගෙවීමේදී ඩොලර් මිලියන 600ක අමතර ගෙවීමක් සිදුවූ බවටද කාරක සභාවේදී අවධානය යොමුවී තිබේ. ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් කමිටුවට ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments