විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ දිනවල පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයේ (ARF) 33 වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහ මිත්‍රත්වය හා සහයෝගීතාව පිළිබඳ ගිවිසුමේ 50 වැනි සංවත්සර උත්සවයට එක්ව සිටියි.
දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා විශේෂ දේශන පැවැත්වීමට නියමිත අතර, මින්දනාඕහි ශ්‍රී ලංකා නිවේදනික කොන්සල් කාර්යාලය නිල වශයෙන් විවෘත කිරීමටද සැලසුම් කර තිබේ.
සමුළුවට සමගාමීව අමාත්‍ය විජිත හේරත් මහතා රුසියාව, අමෙරිකාව, බ්‍රසීලය, ඊජිප්තුව, පාකිස්තානය සහ බංග්ලාදේශය ඇතුළු රටවල් රැසක විදේශ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවී දෙරට අතර සබඳතා, වෙළෙඳාම, ආයෝජන, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.
එමෙන්ම, පිලිපීන විදේශ කටයුතු ලේකම්වරිය, ආසියාන් මහලේකම්වරයා, යුරෝපා සංගමයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟද ඉදිරි දිනවලදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
විදේශ ඇමති ලෝක නායකයින් රැසක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල

