මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු 20 දක්වා කල් දමා තිබෙනවා.
අද (24) කොළඹ මහාධිකරණයේ කැඳවූ නඩුවේදී යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව නඩුව අගෝස්තු 20 වැනිදා යළි කැඳවීමට මහාධිකරණය නියෝග කළ අතර, එදින සාක්ෂිකරුවන් ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
මෙම නඩුව ගොනු කර ඇත්තේ දෙහිවල හා රත්මලාන ප්රදේශවල රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමක් ඇති ඉඩම් පහක් අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධ චෝදනා මතයි.
යෝෂිත රාජපක්ෂගේ නඩුව කල් යයි

