ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ගෝලීය තෙල් මිල යළි ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් ඉරාන – අමෙරිකා ගැටුම කඩිනමින් අවසන් වනු ඇතැයි පැවති අපේක්ෂා ද බිඳ වැටී තිබේ.
ඊයේ (29) දිනයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා තිබේ. එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිලද අමෙරිකානු ඩොලර් 84.93 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
මේ අතර, අමෙරිකානු බොරතෙල් සංචිත බැරල් මිලියන 3.3කින් අඩුවී ඇති බව කර්මාන්ත දත්ත පෙන්වා දෙයි.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් ගෝලීය බලශක්ති සහ මූල්‍ය වෙළෙඳපොළට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි.

