Homeසියලුම පුවත්ඉදිරි පැය 36ට කාලගුණයෙන් නව අනාවැකියක්

ඉදිරි පැය 36ට කාලගුණයෙන් නව අනාවැකියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන නවතම කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ.

ඒ අනුව සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති වන අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

බස්නාහිර හා වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

මේ අතර උතුරු මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටද විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං හමා යා හැකි බව ද සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සහ තද සුළං හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments