Homeසියලුම පුවත්දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය අද (06) පෙ.ව. 9.00 සිට හෙට (07) පෙ.ව. 9.00 දක්වා වලංගු වේ.

🔶 මට්ටම 2 (අවදානයෙන් සිටින්න) නිවේදන:

  • මහනුවර – උඩපළාත, දොළුව, මැදදුම්බර, දෙල්තොට, පන්විල, පස්බාගේ කෝරලේ, ගඟ ඉහළ කෝරලේ, උඩුදුම්බර.
  • කෑගල්ල – අරණායක, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, යටියන්තොට.
  • නුවරඑළිය – නුවරඑළිය, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, අඹගමුව, නෝර්වුඩ්, තලවකැලේ.
  • රත්නපුර – ඕපනායක, ඉඹුල්පේ, රත්නපුර.

🟡 මට්ටම 1 (විමසිලිමත් වන්න) නිවේදන:

  • කෑගල්ල – කෑගල්ල.
  • රත්නපුර – නිවිතිගල, කුරුවිට.

අඛණ්ඩ වැසි පවතින ප්‍රදේශවල නායයාම්, පස් කණ්ඩි කඩාවැටීම් සහ ගල් පෙරළීම් වැනි අවදානම් පිළිබඳ සැලකිලිමත්ව සිටින ලෙසත්, පස් කඳුවල ඉරිතැලීම්, ජලය එකතු වීම, ගස් නැඹුරු වීම වැනි පූර්ව ලක්ෂණ දක්නට ලැබේ නම් වහාම ආරක්ෂිත ස්ථානයකට යාමට සූදානම් වන ලෙසත් බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments