Homeසියලුම පුවත්තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ ගැන අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ ගැන අවවාදාත්මක නිවේදනයක්

දිවයින වටා ඇති ඇතැම් මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (12) දහවල් නිකුත් කළ මෙම නිවේදනය හෙට (13) දහවල් 12.00 දක්වා පැය 24ක කාලයක් වලංගු වේ.

විශේෂයෙන් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, හලාවත සිට පුත්තලම, මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා ඉහළ යා හැකි අතර, මුහුද රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments