රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදී නව ක්‍රමවේදයන්ට අනුව කටයුතු කළ යුතු බව මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඇතැම් රාජ්‍ය කාර්යාල නිලධාරීන්ගේ තනතුරු හා බලය ප්‍රදර්ශනය කරන ස්ථාන බවට පත්වීම කනගාටුදායක තත්ත්වයක් බවයි.
පැරණි බිත්තිවලින් වටවූ, අඳුරු සහ සිරගෙවල් ආකාරයේ කාර්යාල පද්ධතියෙන් රාජ්‍ය අංශය ඉවත්විය යුතු බවද ඔහු සඳහන් කළේය.
තමන් භාවිත කරන මහාමාර්ග අමාත්‍යාංශයේ කාර්යාලය පවා ටෙනිස් පිටියක් තරම් විශාල බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙවැනි අධික ඉඩකඩ සහිත කාර්යාල ඉදිරියේදී ඉදිකිරීම වැළැක්විය යුතු බව අවධාරණය කළේය.
කාර්යාල ඉඩකඩ යනු නිලධාරීන්ගේ තනතුර හෝ බලය පෙන්වීමේ මාධ්‍යයක් නොවන බවත්, සුදුසුකම් සහිත නිලධාරීන්ට තම පෞරුෂය ගොඩනගා ගැනීම සඳහා විශාල කාර්යාල හෝ අධික වියදම් සහිත ගෘහ භාණ්ඩ අවශ්‍ය නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව, කණ්ඩායමක් ලෙස කාර්යක්ෂමව වැඩ කිරීමට හැකි වන පරිදි රාජ්‍ය කාර්යාල පද්ධතිය “වර්ක් ස්ටේෂන්” ආකෘතියකට මාරු කිරීමේ අවශ්‍යතාවද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම එකම අමාත්‍යාංශයට අයත් ආයතන විවිධ ස්ථානවල විසිරී පැවතීම හේතුවෙන් පාලන කටයුතු සහ මහජන සේවාවන් සිදුකිරීම අපහසු වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එබැවින් ඉදිරියේදී රාජ්‍ය ආයතන එකම පරිශ්‍රයකට ගොනු කිරීම සඳහා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

