Homeසියලුම පුවත්අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙනවිත් තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සිට මන්ත්‍රීවරයා අධිකරණය වෙත රැගෙන එන ලදී.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා සිදුකළ ප්‍රශ්නගත ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා නාමල් රාජපක්ෂ මහතා අද (04) පෙරවරුවේ එම කොමිසම වෙත පැමිණියේය.

එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සැකකාර මන්ත්‍රීවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments