Homeසියලුම පුවත්ශිරාන් බාසික්ගේ පියා ඔක්තෝබර් 08 දක්වා යළි රිමාන්ඩ්

ශිරාන් බාසික්ගේ පියා ඔක්තෝබර් 08 දක්වා යළි රිමාන්ඩ්

ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් නැමැත්තා යළිත් ඔක්තෝබර් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහුට එරෙහි නඩුව අද (25) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

එහිදී ශිරාන් බාසික්ගේ මුදල් මෙරටට රැගෙන ඒම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන සම්පත් අත්තටගේ ද නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.

ඒ අනුව විදේශගතව සිටින එම සැකකරු මෙරටට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර ඇත.

අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් පසුගිය සැප්තැම්බර් 11 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ, ශිරාන් බාසික් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 03ක මුදලක් වැය කර ගම්පහ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් තම නමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළවය.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments