ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ.
ඒ අනුව අද (26) පස්වරු 4 සිට හෙට (27) පස්වරු 4 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇත.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් රතු නිවේදන තවදුරටත් ක්රියාත්මක වේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 3 යටතේ පස්බාගේ කෝරලේ, උඩපලාත, ගඟ ඉහළ කෝරලේ සහ දොළුව යන මහනුවර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම අඹගමුව, නෝර්වුඩ්, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර යන නුවරඑළිය දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස නම් කර තිබේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 යටතේ ගාල්ල දිස්ත්රික්කයේ තවලම, නාගොඩ, නෙළුව සහ නියාගම; මහනුවර දිස්ත්රික්කයේ දෙල්තොට, පන්විල, යටිනුවර, ගඟවට කෝරලේ සහ උඩුනුවර; කෑගල්ල දිස්ත්රික්කයේ දැරණියගල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට සහ අරණායක; නුවරඑළිය දිස්ත්රික්කයේ තලවකැලේ; රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළත් වේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 1 යටතේ කොළඹ දිස්ත්රික්කයේ සීතාවක සහ පාදුක්ක; ගාල්ල දිස්ත්රික්කයේ කරන්දෙණිය, ඇල්පිටිය සහ බද්දේගම; කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට; කෑගල්ල දිස්ත්රික්කයේ වරකාපොළ, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය සහ රුවන්වැල්ල; මහනුවර දිස්ත්රික්කයේ පාතහේවාහැට, උඩුදුම්බර, මැදදුම්බර, කුණ්ඩසාලේ, පාතදුම්බර, තුම්පනේ, පූජාපිටිය, අකුරණ, හතරලියද්ද සහ හාරිස්පත්තුව යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස නම් කර ඇත.
එමෙන්ම මාතර දිස්ත්රික්කයේ කොටපොල, පිටබැද්දර සහ පස්ගොඩත්, රත්නපුර දිස්ත්රික්කයේ කලවාන, ඇලපාත, අයගම, නිවිතිගල සහ කුරුවිටත්, නුවරඑළිය දිස්ත්රික්කයේ නුවරඑළියත් මට්ටම 1 අනතුරු ඇඟවීමට ඇතුළත් වේ.

