Homeසියලුම පුවත්උදය ගම්මන්පිලට එරෙහි නඩුවෙන් නිදොස් කොට නිදහස් කරයි

උදය ගම්මන්පිලට එරෙහි නඩුවෙන් නිදොස් කොට නිදහස් කරයි

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් යොදාගෙන අලෙවි කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා එල්ල වී තිබූ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය විසින් අද අදාළ තීන්දුව ලබාදී ඇත. 0

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කර ඇත්තේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවය.

ඒ අනුව උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික් මහතාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කර අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබුණි.
“`1

RELATED ARTICLES

Most Popular

Recent Comments