Homeසියලුම පුවත්ගෝඨාභය රාජපක්ෂගේ රිට් පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉවතට

ගෝඨාභය රාජපක්ෂගේ රිට් පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉවතට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ විමර්ශනවලදී තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබීම වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments