ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ඔක්තෝබර් 12 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (05) රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේදී ඔහු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු සමඟ තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මහින්ද කහඳගම මහතා සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

