Homeසියලුම පුවත්ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන ගම්මන්පිලගේ ප්‍රකාශය විමර්ශනයට

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන ගම්මන්පිලගේ ප්‍රකාශය විමර්ශනයට

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු විමර්ශන ආරම්භ කරන බවයි.ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබුණේ, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කරන අවස්ථාව බන්ධනාගාර නිලධාරියෙකු සිය ජංගම දුරකථනය ඔස්සේ රජයේ ප්‍රධානියෙකුට නැරඹීමට අවස්ථාව සලසා දී ඇති බවයි.මෙම චෝදනාව සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසීමක් කළේය.එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ප්‍රකාශය සුළුවෙන් සැලකිය නොහැකි බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකළ යුතු බවයි.බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු ශ්‍රී ලංකා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර, එවැනි සිදුවීමක් සිදුවූයේද සහ එය සිදුවූයේ කෙසේද යන්න අනාවරණය කරගනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.එමෙන්ම, ගම්මන්පිල මහතා විසින් තමන් දුටු, ප්‍රකාශ කළ සහ අසා දැනගත් කරුණු විමර්ශනයේදී ඉදිරිපත් කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments